පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා රුපියල් කෝටි 100ක්, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත සඳහා කෝටි 100ක්, පශු සම්පත් සංවර්ධනය සඳහා කෝටි 100ක් ආදී වශයෙන් ද වෙන් කර ඇත. පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 500 කි. ග්‍රාමීය, නාගරික හා වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් කෝටි 700කට වඩා වෙන් කර තිබේ
අය-වැය පිළිබඳ කතිකාව දෙස අවධානය යොමු කරන විට විවිධ පාර්ශ්ව ඊට වැරැදි අර්ථකථන සපයමින් සිටින අයුරු දැකිය හැකිය. අය වැයක් යනු ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම වියදම හා හිඟයක් පවතින්නේ නම් එම හිඟය පියවා ගන්නා ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛනයයි. ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නා අතරම රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට එනම්, මෙහිදී “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවේ. එසේ නොමැතිව අයවැයක් යනු පිටි මිල, පාන් මිල අඩු කිරීම වැනි කාරණා වෙනුවෙන් ඉදිරිපත් කරන දෙයක් නොවේ. මේ අය වැය නිෂ්පාදන ආර්ථිකයක් සඳහා රට යොමු කරන අයවැයකි.
එළැඹෙන 2022 වර්ෂය සඳහා රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284ක් වන අතර, මුළු වියදම රුපියල් බිලියන 3912කි. එනම්, අයවැය හිඟය හෙවත් පරතරය රුපියල් බිලියන 1628කි. පවත්නා වර්ෂයට වඩා ඉදිරි වර්ෂයේ අයවැය හිඟය අඩුකර ගැනීමට හැකිවී තිබේ. අපේ ආර්ථිකය වාණිජ ආර්ථිකයකි. ෙස්වා සහ හුවමාරු ආර්ථිකය විශාල පරාසයක විහිදී පවතී. කොවිඩ් වසංගතය මේ අංශ දෙකටම දැඩි බලපෑමක් ඇති කළ බව පැහැදිලි කාරණයකි. එය සේවා සපයන්නන් අකර්මණ්‍ය කළේය. සංචාරක ව්‍යාපාරය ද සේවාවක් වන අතර, එය මුළුමනින්ම බිඳ වැටිණි. විදේශ විනිමය පිළිබඳ ගැටලුවට මේවා හේතු කාරණා විය. මේ රටේ නිෂ්පාදන නොකර හුවමාරුව සඳහා යොමුවීම යනු භාණ්ඩ මිල ඉහළ යෑමට ද මුහුණදීමට සිදුවීමකි. යම් පමණකට හෝ අපට රැකෙන්නට හැකි වූයේ අපේ රටේ ආහාර නිෂ්පාදනය හා අනෙකුත් අපනයන නිෂ්පාදන කර්මාන්ත ගොඩනැඟී තිබූ බැවිනි. ඊට අවශ්‍ය පහසුකම් හා පසුබිම නිර්මාණය කිරීමට රජය කටයුතු කළේය. එමඟින් නිෂ්පාදන ආර්ථිකය යම් පමණකට යථාවත් කරගැනීමට හැකියාව ලැබිණි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක තීන්දු තීරණ ගැනීමේ දුෂ්කරතාව සමඟ සේවා ආර්ථිකයක් සමඟ ඇති බැඳීම ද සංවේදී සාධකයකි. එබැවින්, දේශීයව නිෂ්පාදනය කළ හැකි දෑ සම්බන්ධයෙන් සානුබල දීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම අවැසි විය. කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ගේ එනම්, බුලත්විට අලෙවි කරන්නාගේ පටන් මහා පරිමාණ නිෂ්පාදකයන් දක්වා මේ සෑම දෙනෙකුටම කිසියම් ආකාරයකට යළි ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සිදුවිය. එහිදී එය ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රාජ්‍ය අංශය මෙහෙයවීම ගැන ද වගබලා ගෙන තිබේ. උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ සිට රාජ්‍ය අංශයෙන් සේවා ලබාගැනීමේ ක්‍රියාවලීන් පහසු කිරීම සිදුව ඇති අතර එය තවදුරටත් පුළුල් වෙමින් ඇත. විශාල බරක්ව ඇති රාජ්‍ය ව්‍යවසාය සිය ගණනක් නඩත්තු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 75ක් පමණ සෑම වසරකම වැය කිරීමට සිදුව තිබේ. මෙම ව්‍යවසායන් යම් ප්‍රමාණයකට ශක්තිමත් කිරීම සඳහා ද පියවර ගෙන ඇත.
අයවැය ගැන මාධ්‍ය ඔස්සේ බොහෝ විට ප්‍රචාරය වෙමින් ඇත්තේ කඩපොළට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අය, භාණ්ඩ අලෙවි කරන අය වැනි පුද්ගලයන් ඉදිරිපත් කරන අදහස්ය. ඒවායින් මතු කෙරෙන්නේ අපට කිසිම සහනයක් දීලා නෑ වැනි ප්‍රකාශය. මාළු අවශ්‍ය අයට මාළු කෑල්ලක් දීම වෙනුවට බිළී පිත්තක් දීම විය යුතුය. බොහෝවිට සිදුව ඇත්තේ බිලීපිත්තක් වෙනුවට මාළු කෑල්ලක් දීමය. එසේ කිරීමෙන් මේ රට මෙතැනින් ඉහළට ඔසොවා තැබීම කළ නොහැකිය. සහන සැලසිය යුතු සමාජ කොටස්වලට සහන දීමට ද අයවැයෙන් ක්‍රියාකර තිබේ. ඉතාම අසරණ මිනිසුන් වෙනුවෙන් සහන මල්ලක් දීම, ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් දැනට දෙන කාලසීමාවටත් වඩා දීර්ඝ කරමින් දීම මෙන්ම සමෘද්ධි සහනාධාර දීම ආදිය තවදුරටත් සිදු වේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් කෝටි 1500 ක් වෙන් කර ඇත.
රජයේ සේවකයන් සඳහා කිසිවක් දී නැතැයි පැවසුණ ද රාජ්‍ය සේවයේ වැටුප් විසමතා විසඳීම සඳහා වැටුප් කොමිසම හරහා පියවර ගෙන ඇත. එවිට, ඊළඟ අය-වැය වනවිට එම ව්‍යාකූලතා නිරාකරණය වී තිබිය හැකිය. විශ්‍රාම ලබන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ද සිදු වේ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග සකසා ඇත. එබැවින් අපට නම් කිසිවක් කර නැතැයි පවසන අය මෙකී සත්‍ය තේරුම් ගැනීමට වෑයම් කරන බවක් නොපනේ. එසේම අයවැයෙන් සීනි මිල, තව තවත් භාණ්ඩවල මිල අඩු කළ යුතු යැයි බොහෝදෙනෙකු කල්පනා කරන බව ද පෙනෙන්නට ඇත. එවැන්නක් කිරීමට අයවැයක් අවශ්‍ය නැත. එය ඊට වඩා සරලය. මිල අඩුකිරීමට නම් වෙළෙඳ පොළට භාණ්ඩ සැපයුම වැඩි කළ යුතුය. භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත්තේ අපට බලපාන පරිදි පමණක් ද නොවේ. නිදසුනක් ලෙස 1990ට පසුව එනම් වසර 30කට පසුව අමෙරිකාවේ ඉහළම භාණ්ඩ මිල පවතින්නේ වර්තමානයේය. මේ හේතුවෙන් උද්ධමනකාරී තත්වයක් ද ඇති වී තිබේ. චීනයේ ද භාණ්ඩ මිල ඉහළ ගොසිනි.
වසංගත තත්වය යටතේ ගොවියාට තම ගොවි බිමට යා නොහැකි වනවිට, කර්මාන්තශාලා හිමියන්ට තම කම්හල් විවෘත කර පවත්වා ගැනීමට නොහැකි වනවිට නිෂ්පාදනය අඩුවීම ගැන පුදුම විය යුතු නැත. මේ තත්වය ගැන අවධානය යොමුකරමින් හැකි සෑම විටම කෘෂිකර්මාන්තය මෙන්ම ඇඟලුම් වැනි කර්මාන්ත ද පවත්වාගෙන යාමට රජය වගබලා ගත්තේය. දේශීය වල්නාශක නිපැයුම් විධිමත් කිරීමට රුපියල් කෝටි 400ක් ද කෘෂිකාර්මික අංශය නවීකරණය සඳහා කෝටි 500ක් ද වෙන් කර තිබේ.
පෞද්ගලික අංශයට දුන්නේ මොනවා දැයි අසන අයගෙන් විමසීමට සිදු වන්නේ නොදුන්නේ මොනවාද යන ප්‍රශ්නයයි. වැටුපෙන් අඩක් හෝ ගෙවමින් සේවකයන්ගේ රැකියා කප්පාදු නොකර සිටීමද විශාල කාරණයකි. ආණ්ඩුව රුපියල් මිලියන 1000ක් පවා සහනයක් වශයෙන් දුන්නේය.
සංචාරක කර්මාන්තය දෙසට අවධානය යොමුකරන විට එය රුපියල් ට්‍රිලියන 365 ක් රටේ බැංකුවලට ණය වී සිටී. ණය දී ණය අයකරගත නොහැකි තත්වයකට බැංකු පත්ව ඇත. ඒ සෑම හෝටලයකටම අවශ්‍ය කාරක ප්‍රාග්ධනය අවශ්‍ය වෙලාවේ සැපයීම සිදුවිය. සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි විශාලම දෙය නම්, වසංගතයෙන් රට මුදා ගැනීමය. ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර හේතුවෙන් යළිත් රටට සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට හැකිවී තිබේ. මේ වනවිට සංචාරක පැමිණීම් ඉහළ යමින් පවතී. ඉකුත් සතියේදී 9000ක් තරම් සංචාරකයන් පිරිසක් රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවලින් මෙහි පැමිණියහ. වෙනදා නොපැමිණි ගුවන්යානා මේ වනවිට ලංකාවට පියාසර කරයි.
මෙවැනි වසංගත රෝග තත්ව ආදිය ආර්ථික විද්‍යාවේ සැලකෙන්නේ පොදු භාණ්ඩ වශයෙනි. ඒවාට අයිතිකරුවෙක් නොමැත. වෙළෙඳපොළ මිලක් නොමැත. අනවශ්‍ය ආකාරයෙන් බදු පැටවීම හෝ කිසිදු අංශයක් තලා දැමීමට මෙවර අයවැයෙන් කටයුතු කර නැත. විපක්ෂනායකවරයා නම් පවසන්නේ මේ අයවැය ඉතියෝපියා, සෝමාලියා වැනි පන්නයේ අයවැයක් බවය. අද ඉතියෝපියාව යනු වසර ගණනාවකට පෙර තිබූ ඉතියෝපියාව නොවන බව එතුමා නොදැන සිටිනවා විය හැකිය. මෙවැනි ප්‍රකාශ කිරීමෙන් දේශපාලන වාසි ලබා ගත හැකි වෙතැයි එතුමා කල්පනා කරනවා විය යුතුය. විපක්ෂනායකවරයා අදහස් කරන අන්දමේ පහළ තැනකට අපේ රට ඇද වැටී නැති බව සඳහන් කළ යුතුය.
මුදල් අමාත්‍යවරයා නිතර පවසන දෙයක් නම් වෙනස්ව සිතීමට බිය නොවන්න යන්නය. මේ අයවැය එසේ වෙනස්ව සිතා ඉදිරිපත් කළ අය වැයකි. නිෂ්පාදන ආර්ථිකයකට රට යොමුකරන අයවැයකි. ආර්ථිකය යනු කුඩා රෝද රැසකින් කරකැවෙන මහා රෝදයක් බඳුය. රටක අයවැයක මූලික පරමාර්ථය විය යුතුවන්නේ එකී මහා රෝදය කරකැවීමට අවශ්‍ය ගාමක බලය කුඩා රෝද හරහා ලබාදීමයි. කුඩා රෝද නිසියාකාර කරකැවීම සිදුනොවුණහොත් මහා රෝදය කරකැවීමට හැකිවන්නේ නැත. එබැවින් රටේ ආර්ථිකය නම් මහා රෝදය කරකැවීමට අවශ්‍ය ගාමක බලය මෙවර අයවැයෙන් ලබා දී ඇත යන්න අපගේ අදහසය.
කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ රටේ පමණක් නොව ලෝක ආර්ථිකයටම බලපෑම් ඇති වී තිබේ. එකී බාධා හේතුවෙන් ඇති වන හැකිළීම පාලනය කිරීම අසීරුය. මේ තත්ත්වය එක රැයකින් වෙනස් කළ නොහැකිය. කොවිඩ් වසංගතය නිමාවන දවසක් පිළිබඳ අප කිසිවෙකුටත් තවමත් නිශ්චිතව පැවසීමට ද නොහැකිය. එබැවින් ඉදිරියටත් ඊට මුහුණදීමට හැකිවන අන්දමින් අප ක්‍රියා කළ යුතු වේ. එම බලපෑම් පිළිබඳවද සැලකිලිමත් වෙමින් 2022 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත්ව තිබේ.
පවතින අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදෙන අතරම සංවර්ධන කටයුතු පෙරට ගෙන යෑම සඳහා ද පියවර ගෙන ඇත. ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් කෝටි 4206ක් වෙන් කර තිබේ.
දුම්රිය හා බස් රථ ප්‍රවාහනය නැංවීමට කෝටි 200ක් වෙන් කර ඇත. වාරි සෞභාග්‍යා වැඩසටහන් වෙනුවෙන් කෝටි 2000කි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදමෙන් 7.51%ක් වෙන් කර ඇත්තේ ද මෙම අයවැයෙනි. පාසල් සංවර්ධනය සඳහා කෝටි 500කට වඩා වෙන් කර ඇත. ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවට ද විසඳුම් ලබා දී ඇත. පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා රුපියල් කෝටි 100ක්, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත සඳහා කෝටි 100ක්, පශු සම්පත් සංවර්ධනය සඳහා කෝටි 100ක් ආදී වශයෙන් ද වෙන් කර ඇත. පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 500 කි. ග්‍රාමීය, නාගරික හා වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් කෝටි 700කට වඩා වෙන් කර තිබේ. “සැමට ජලය” වැඩසටහන සඳහා කෝටි 1500කි. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 50 කි.
වසංගත තත්වය යටතේ බලපෑම්වලට ලක් වූ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහන වශයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති අතර, පාසල් වෑන් රථහිමියන් සඳහා සහන ලෙස කෝටි 40ක්, ත්‍රිරෝද රථ හිමියන් සඳහා සහන ලෙස කෝටි 60ක් සහ පෞද්ගලික බස් හිමියන් සඳහා සහන වශයෙන් කෝටි 150ක් ද වෙන්කර තිබේ. කලා නිර්මාණ හා විනෝදාස්වාද ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම් ගැන අවධානය යොමු කරමින් කෝටි 50ක් ද සහන වශයෙන් වෙන් කර ඇත.
මෙසේ බලන කල පවත්නා වසංගත තත්වය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳ සංවේදී වෙමින් ද එම අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිය දෙමින් ද නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යොමු කරවමින් ආර්ථික ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ද 2022 වර්ෂය සඳහා අයවැය පිළියෙල වී ඇති බව පැහැදිලි කාරණයකි.