වයස අවුරුදු 60ට වැඩි ජනතාවට බුස්ටර් එන්නත හෙවත් 3 වන මාත්‍රාව එන්නත් කිරීම අද සිට ඇරඹෙයි. දෙවන මත්‍රාව එන්නත් කර මාස 3 ක් සම්පුර්ණ වු අයට පළමු මාත්‍රාව ලෙස කුමක් එන්නත් කර ඇතත් 3 වන මාත්‍රාව එන්නත් කරගත හැකි බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. මේ වනවිට පාසල් සිසුන් ලක්‍ෂ 10 ක් එන්නත්කරණයට ලක්කර අවසන්ය. ඊයේ වනවිට සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල ඉදිරි පෙ සේවයේ නියුතු එක්ලක්‍ෂ 20 දහස් 480 දෙනෙකුට 3 වන මාත්‍රාව එන්නත් කර තිබිණි. 3 වන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර ඇත්තේ රටවල් කිහිපයක් පමණි. මෙරට ජනතාවට 3 වන මාත්‍රාව එන්නත් කිරීමට ලැබීම සැබැවින්ම ජයග්‍රහණයක් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමණ මහතා පැවසීය.