රාජ්‍ය සේවකයා හෝ රාජ්‍ය සේවය රටට බරක් යැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

වසර ගණනාවක් පුරා පැවැති ආණ්ඩු ගත් වැරදි තීරණ නිසා රාජ්‍ය ආයතන ගැටලු රැසකට මුහුණ දී ඇති බව මුදල් ඇමැතිවරයා පෙන්වා දුන් බව ද ඇමැතිවරයා පවසයි.

ඇමැතිවරයා මේ බැව් පැවැසුවේ ඊයේ (16) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියකු 'මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය සේවයන් රටට බරක් යැයි ප්‍රකාශ කළේ ඇයි' ද යන්න සම්බන්ධයෙන් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.

සෑම ආණ්ඩුවක්ම අවිධිමත්ව මේරටට කළ වැරැද්දක් තිබෙනවා.දේශපාලන තීන්දු අරගෙන මනාපය වෙනුවෙන් කිසිඳු ඉවක් බවක්නැතිව රාජ්‍ය අංශය පුරවලා තිබෙනවා. එය පාපොච්චාරණයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ එක ආයතනයක් තිබෙනවා. 2016 වසරේ සේවක අතිරික්තයක් නිසා ස්වෙච්චාවෙන් ඉවත්වී යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණත් 2021 වන විට තිබූ ආණ්ඩු විසින් තවත් 600ක් රැකියාවට බඳවා ගෙන තිබෙනවා. මේ වැනි සිද්ධි නිසා රාජ්‍ය සේවය තුළ ඇති ගැටලුයි මුදල් ඇමැතිවරයා පැහැදිලි කළේ.

මේ අවස්ථාවේදී තිබූ බරපතළම ගැටලුව වූයේ වසර 24 ක් පුරා නොවිසඳනු ගුරු-විදුහල්පති ගැටලුවයි.මේ ‍‍‍ඓතිහාසික වරැද්ද නිවැරදි කර ගන්න මෙවර අයවැයෙන් හැකි වුණා. සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩි නරන්න්ට හැකිනම් අප සතුටු වනවා. නමුත් කොවිඩ් වසංගතයනිසා රටට මුහුණ දී තිබෙන ගැටලුත් සමග එය ඉටු කරන්න්ට අසීරුයි'යැයි ද ඇමැතිවරයා මෙහිදී අවධාරනය කළේය