මාස 6 ක පමණ කාලයකට පසුව දිවයිනේ පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට යළිත් ක්‍රියාත්මකයි. ඒ රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල 6, 7, 8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹීමත් සමගයි.

අද සිට දිවයිනේ සෑම පාසලකම අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4 ක් යටතේ පාසල් යළි විවෘත කිරිමට පියවර ගැණින.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පාසල්වල විෂය නිර්දේශවල කිසිදු වෙනසක් කර නැත. පාසල්වල සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳ ගුරු දෙගුරුන් වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අතර, උණ, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වලකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි.