අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ ඡන්ද විමසිම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වෙයි. ඡන්ද විමසිමේ අවස්ථාවේ මැති සබයේ රැදි සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇත.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ පසුගිය 12 වැනිදාය. අනතුරුව දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය. අද විවාදයේ 07 වැනි දිනයයි. කාරක සභා අවස්ථා විවාදය හෙට සිට ආරම්භ වෙයි.

එය ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසිම ලබන මස 10 වැනිදා පැවැත්වෙයි.