2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදි වැඩිම සම්මාන සංඛ්‍යාවක් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමිවෙයි. භාෂාත්‍රයම නියෝජනය වන ලෙස එම සම්මාන හිමිවිම විශේෂත්වයකි. සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි ඊයේ පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රශස්ථ ඉංග්‍රිසි සම්මුඛ සාකච්ඡා වැඩසටහන සහ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් ඉන්දිරා ප්‍රියදර්ශනි නවගමුව මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

අඛණ්ඩව සිව් වන වරටත් ප්‍රශස්ථ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශකට හිමි සම්මානය ඥාණින්ද්‍ර පෙරේරා මහතා හිමිකර ගත්තේය.

ප්‍රශස්ත බාහිර විස්තර කථක සහ ප්‍රශස්ත ගුවන් විදුලි සන්නිවේදක යන සම්මාන ද්විත්වයම හිමිකර ගත්තේ ගයාන් කෞෂාල් ජයවීර මහතා විසිනි.

ඉංග්‍රිසි මාධ්‍යයෙන් බාහිර විස්තර කථක සහ ඉංග්‍රිසි ප්‍රවෘත්ති වාර්තාව යන රාජ්‍ය සම්මාන ද්විත්වයම වෙනුවෙන් අංජනා ලියනාරච්චි මහත්මිය සම්මානයට පාත්‍රවුවාය.

හොදම සම්මුඛ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් ආර් එච් නිර්මලා කාන්ති ද සිල්වා මහත්මිය සම්මානයෙන් පුදුම් ලැබු අතර සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් හිමි රාජ්‍ය සම්මානය දිනාගත්තේ අජිත් වසන්ත ඈපා මහතායි.

ආර් ඩි හිමානන්ද රාජපක්ෂ මහතා ප්‍රශස්ථ සංගීත වැඩසටහන වෙනුවෙන් වන සම්මානයට හිමිකම් කියු අතර ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා ලෙස හිලේරියන් පෙරේරා මහතා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියට හිමි සම්මානය මෙවර හිමිකරගත්තේ පි බි වත්සලා ශ්‍රිපාලි මහත්මියයි. හොදම ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වජිර ඉන්දික කරුණාසේන මහතා සම්මානයට පාත්‍රවිය.

ප්‍රශස්තතම ඉංග්‍රිසි ප්‍රවෘත්ති ප්‍රකාශිකාවට හිමි රාජ්‍ය සම්මානයට හිමිකම් කිමට සවුන්ති තවම් මෙනවිය සමත්වුවාය.

ප්‍රශස්ථ ගුවන් විදුලි දමිළ නාට්‍ය රචකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ජමාල්ඩින් වහබ්දීන් මහතායි. ගුවන් විදුලි දමිළ සන්නිවේදිකා රාජ්‍ය සම්මානය නාගපුෂනි කරුප්පයියා මෙනවිය හිමිකර ගත්තාය. ප්‍රශස්ථ දමිළ සාකච්ඡා වැඩසටහන වෙනුවෙන් හිමි සම්මානය දිනාගැනිමට මොහොමදු අබුබකර් මොහොමදු රමීස් මහතා සමත්වු අතර ගුවන් විදුලි දමිළ නාට්‍ය ශිල්පිනිය ලෙස මෙවර රාජ්‍ය සම්මානයට පාත්‍රවුයේ කලිස්ටා ලුකස් මහත්මියයි.

ප්‍රශස්ථ ගුවන් විදුලි ඉංග්‍රිසි මාධ්‍ය සන්නිවේදිකා සම්මානය ශරිෆා තාහිර් මෙනවියට හිමිවුණි.

මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ හොදම ගුවන් විදුලි ළමා නාට්‍ය ශිල්පියා වශයෙන් තිසරු විශ්ව තාරුක විීරක්කොඩි ශිෂ්‍යයා තේරි පත් වු අතර හොදම ගුවන් විදුලි ළමා නාට්‍ය ශිල්පිනිය ලෙස තේරීපත්වුයේ ශාමිණි විදර්ශනා මාතරආරච්චි ශිෂ්‍යාවයි.