වසර එකහමාරකට අධික කාලයක් ක්‍රියාත්මක නොවු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මේ වන විට ආරම්භ කර තිබේ. නාගරික පෙර පාසල් ධාරිතාවයෙන් සියයට 50 ක සහභාගිත්වය යටතේ පැවැත්වේ. මුල් ළමාවිය සංවර්ධනය පිලිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා මහත්මිය ජාතික ගුවන් විදුලියට සදහන් කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පෙර පාසල් අධ්‍යයන කටයුතු පැය 2 කට සීමා කර පවත්වාගෙන යන බවයි