එක්සත් ජාතින්ගේ සංවිධානය නිරතුරු ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව එහි දේශාපලන කටයුතු හා සාමය ගොඩනැගීම හා සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් කලීඩ් කීයාරිී මහතා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවු අවස්ථාවේ ඔහු ඒ බව සදහන් කළේය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම හමුව සිදුවිය. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමිව ජනාධිපතිතුමා හා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර පැවති ද්වීපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කියාරී මහතා මෙරටට පැමිණ සිටි. එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බ්නධයෙන් විශේෂ ඇල්මකින් දිගු කාලීනව කටයුතු කිරීමට අපෙක්ෂා කරන බව ඔහු පැවසීය. පරිසරය කෙරෙහි ජනාධිපතිතුමා තුළ ඇති ඇල්ම හා උනන්දුව ඔහුගේ ප්‍රසාදයට ලක්විය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු අගය කළේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමටත් අනෙකුත් අභියෝගවලට මුහුණදීමටත් එක්සත් ජාතින්ගේ සංවිධානය දුන් සහාය පිළිබඳව ජනාධිපතිතුමා එහිදී සිය කෘතඥතාව පළ කළේය.