ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටම දක්වා අධ්‍යයන අවස්ථා සැලීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය ස්ථාපිත කිරීම සඳහා වන වගකීම භාර මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අන්තර්ජාලික ප්‍රමිතීන්ට අනුගත ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සහ ඉහළ වෘත්තීය නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ අනුව සාමාජිකයන් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ලෙස මෙම නව කමිටුව පත් කර තිබේ.

මෙම වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා වන යෝජනාව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතර, පසුගිය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.