74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විමට තීරණය කෙරේ. සැමරුම් උළෙලේ සංවිධාන කමිටුවේ ප්‍රථම රැස්වීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණි. නිදහස් උළෙල සාර්ථක කරගැනිම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු විය. නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාන ධර්ම දේශනාව ලබන වසරේ පෙබරවාරි 02 වැනිදා නිදහස් මන්දිරයේදි පැවැත්වේ. නිදහස් දින උලෙලට සමගාමීව පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි. උත්සව කටයුතු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පුර්ණ එන්නත්කරණයට ලක්වු අය පමණක් සහභාගිකරගත යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.