සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කෙරෝනා මර්දනය සදහා වන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි. එය අද සිට ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. හැකිතාක් මාර්ගගත රැස්වීම් පැවැත්වීමට ක්‍රියා කරන්නැයි එම මාර්ගෝපදේශ මගින් දැනුම් දී තිබේ. කාර්යාලයක , කාමරයක හෝ ශාලාවක රැඳි සිටිය හැක්කේ එහි උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකකට පමණි. තොග වෙලළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ හැකිය. එහෙත් ඒවා පළාත් පාලන ආයතනවල හා ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දැඩි අධීක්ෂණයට ලක් විය යුතුය. සතිපොල , විවෘත වෙලළදපොල හා ජංගම වෙලළදසැල් පවත්වාගෙන යා යුත්තේ ද පළාත් පාලන බලධාරීන්ගේ හා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේයි. ආපන ශාලාවල රැඳී සිටිය හැක්කේ උපරිම වශයෙන්  සියය නොඉක්මවන පරිදි සාමාන්‍ය ධාරිතාවයෙන් තුනෙන් එකකට අඩු සංඛ්‍යාවකි. සාප්පු ,ග්‍රොසරි ,ඖෂධසල් හා සුපිරි වෙලෙදසල් ද ධාරිතාවයෙන් තුනෙන් එකකට අඩු සංඛ්‍යාවක් ඇතුළත් කර ගත යුතුය. ඇතුඵ වීමට අවසර ඇති පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රදර්ශනය කළ යුතුය. බැංකු හා මුල්‍ය ආයතනවල ද වරකට රැඳී සිටිය හැකි සංඛ්‍යාව 15 කට සීමා කෙරේ.

පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ඇත. පෙර පාසල් විවෘතව තැබිය හැකිය. විශ්ව විද්‍යාල ඇතුඵ උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කරන පරිදි පැවැත්වෙයි. සිනමා ශාලාවලට ඇතුඵ් කර ගත හැක්කේ සමස්ත ධාරිතාවයෙන් සියයට 75 ක් පමණි. අධිකරණ පැවැත්විම අධිකරණ සේවා කොමිසමේ මාර්ගෝපදේශ අනුව සිදු වෙයි. අවමගුල් උත්සවයකට සහභාගි විය හැක්කේ උපරිම 20 දෙනෙකුට පමණි. ආගමික ස්ථානවල දී තනි පුද්ගලයන් වශයෙන් වැඳුම් පිදුම් කිරිමට අවසර ලැබේ. ආගමික උත්සව පැවැත්විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුවයි. දැඩි මාර්ගෝපදේශවලට අනුකුලව විභාගවලට අවසර ලැබේ. මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන එකක් පමණි. එම සංඛ්‍යාව 200 නොඉක්මවිය යුතුය. එලිමහන් මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ 250 කට පමණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙසත් ඩ්€ු අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොයන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.