කොරෝනා මර්නධය සදහා වන මාත්‍රා දෙකම එන්නත් කිරීම අනිවාර්ය කෙරෙන නව නීති කඩිනමින් හදුන්වාදෙන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. අදාල නීති මේ වනවිට සකස් වෙමින් පවති. මාත්‍රා දෙකම එන්නත් කර ඇති බවට සහතික කෙරෙන කාඩ්පත ජංගම දුරකථන යෙදවුමක් මගින් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාවෙයි. ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම එම කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇතැයි ඇමතිවරයා පැවසුවේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි. සෞඛ්‍ය හා අදාළ සියලු අංශ ඊට එක්වනු ඇත. ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාදනයවී මෙරටට පැමිණි කාන්තාව එන්නත්කරණයට ලක්වී නැති බව හෙලිවි ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

එළඹෙන උත්සව සමයේ සීමා පැනවීමට රජය අපේක්ෂා නොකරයි. පාසල් ඇතුඵ සෑම අංශයක්ම ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යාකරණයට ලක්කිරීම රජයේ අපේක්ෂාවයි. සෑම අයෙකුටම තුන්වන මාත්‍රාව එන්නත් කිරීමට සැලසුම් කර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට රජය ගන්නා උත්සාහයට ජනතා සහාය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශවනලට අනුකුලව කටයුතු කිරීම මගින් ජනතාවට එම සහායදිය හැකිය.