මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5 ලක්ෂ 73 දහස් 649 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 747 දෙනෙක් ඊයේ හදුනා ගත්හ.
සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14641 කි.
උත්සව සමයේදී ජනතාව පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. නැතහොත් රට තුළ සිග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවිය හැකිය. සමාජ දුරස්ථභාවය පත්වාගැනීම. මුව ආවරණ පැලදීම සහ නිරන්තරයෙන් දැත් සේදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීමට කිසිවෙකුත් බිය වියයුතු නැත. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට අද සිට බුස්ටර් මාත්‍රාව ලබාදෙන බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ වෙද්‍යෙ දිනුකා ගුරුගේ මහත්මිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවේ නියුතු අයටද ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් බුස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේ හැකියාව පවතී.