අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකෙරුනු නිවාස 528 කින් සමන්විත කොලොම්තොට සරසවි උයන නව මහල් නිවාස සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පැවරෙයි.
නිවාස 192 ක් බැගින් වු ගොඩනැගිලි 2 ක් මෙම සංකීර්ණයට අයත් වෙයි. ඉන් එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් සැපයු කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම යටතේ ලබාදී තිබේ. අනෙක් ගොඩනැගිල්ලේ නිවාස කැලණිවැලි දුම්රිය මාර්ගය පුඵල් කිරීමේදී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලේ සැපයේ.
නිවාස 144 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800 ක් සඳහා නේවාසිකාගාරයක් ලෙස භාවිත කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයට පැවරෙයි. නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වෙයි.