සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ලබන වසර නරඹමු ශ්‍රීී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පස්අවුරුදු ගෝලීය සංවර්ධන වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකවන බවයි.

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කර ලබන වසරේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටුවීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් ප්‍රතිඥාවක් යථාර්තයක් බවට පත් කිරීමකි. 2025 වනවිට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් කෝටියක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීම ඉලක්කයයි. සංචාරකයන් ලක්ෂ 60 ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ බවද සංචාරක ඇමතිවරයා කියයි.