පාරිභෝගික ජනතාවට අවශ්‍ය භාණ්ඩ විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවා සැපයීමට ලංකා සතොස ආයතනය පියවර ගනිමින් සිටි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාසයක කාලයක් පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 99 යි ශත 50 කට අලෙවි කල බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. උත්සව සමය වන විට සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කෙරිණි’ මුල් අවස්ථාවේදි එක් පාරිභෝගිකයෙකුට සම්බා කිලෝ 3 බැගින් ලබාදිමට පියවර ගත් අතර පසුව කිලෝ 5 දක්වා වැඩි කිරිමට තීරණය කෙරිණ’ සතොස මගින් ලබාදුන් සහන මල්ල තුලද සම්බා සහල් කිලෝ 10 ක් අඩංගුවිය. සීනි’ තේ කොළ,සබන්, නුල්ඩ්ස්, හාල් මැස්සන් ඇතුලු සහන මල්ල අලෙවි කරන ලද්දේ රුපියල් 1998 කටය’ සුදු සීනි වෙනුවට සහන මල්ලේ අඩංගු වුයේ රතු සිනි කිලෝ 2 කි. සිනි මිලදි නොගන්නා පාරිභෝගිකයන්ට එම මිලටම සම්බා කිලෝ 2 ක් අද සිට ලබාගත හැකි බව අමාත්‍ය ගුණවර්ධන මහතා කියයි. එමෙන්ම මෙතෙක් එක් පාරිභෝගිකයෙකුට ලබාදුන් සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් අද සිට ලබාගත හැකිය. මෙම අවස්ථාව දෙසැම්බර් 31 වැනිදා දක්වා පමණි. පාරිභෝගිකයාට සහන සැලසිම සදහා ලංකා සතොස ආයතනය සාර්ථක උත්සහයක යෙදි සිටින බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.