අශිෂ්ටත්වයේ ගොදුරු බවට පත් දරුවන්ට තොටිල්ලක් මෙන් රැකවරණ සැළසීමට මැදිහත් වන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටී. ‘දඬුවම් නොකොට දරුවන් හදා ගත නොහැක” යන නූතන සියවස විසින් ප්‍රතික්ෂේප කළ අශිෂ්ටත්වයේ ගති ලක්ෂණ යළි සමාජගතවීමට ඉඩ නොතබන ලෙස ද ඇමතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි.
පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ දරුවන්ට එරෙහි අමානුෂික ක්‍රියාවන් පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ ය. ලොව පුරා වයස අවුරුදු 2 ත් 17 ත් අතර බිලියනයක පමෙණ ළමයින් පිරිසක් ශාරීරික, ලිංගික හෝ මානසික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමගින් දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම සුබසාධනයට දිගුකාලීනව දැඩි බලපෑම් එල්ල වෙයි. එහෙත් දරුවන්ට එරෙහි මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ හැකි බවට සාක්ෂ්‍ය ලොව පුරා පවතී. ජනමාධ්‍යයට එහිලා සුවිශේෂී වූ කාර්යභාරයක් පැවරී තිබේ.
හිරිමල් වියේ පසුවන දරුවන් විවිධ හිංසා පීඩාවන්ට ගොදුරුවීමේ පුවත් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම පසුගියදා වාර්තා විය. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා......
“මුළුමහත් සමාජයම කම්පනයට පත් කළ ප්‍රවෘත්ති තුනක් පිළිබඳව ඉකුත් සති දෙක ඇතුළත අසන්නට ලැබුණා. රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් තම ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ප්‍රචාරය කළා අපි දුටුවා හැටන් ප්‍රදේශයේදී බිළිඳු වයසේ දරුවන් දෙදෙනෙකුට අශිෂ්ඨ ලෙස දඬුවම් කරන ආකාරය. ඊට පෙර සතියේ අපි දුටුවා ගම්පොල දී පියාත්, පියාගේ සහෝදරයාත් එකතුවෙලා පිරිමි දරුවෙකු සමඟ ගසක නැගි වරදට දියණියකට ම්ලේච්ඡ ලෙස පහදීමෙන් එම දරුවා ඝාතනය කළ ආකාරය. අද උදෙත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා, කොටදෙනියාව ප්‍රදේශයේ අවුරුදු 14 කට අඩු පුතුන් දෙදෙනෙක් අදට දින 42 ක් අතුරුදන් වෙලා, ආගිය අතක් නෑ. මම මේක මතු කරන්න කැමතියි මාධ්‍ය තුළ වාද අවකාශයට මෙය ඇතුල් කිරීමට කැමතියි, මොකද දැන් ප්‍රවණාවයක් ලෙස මීට දශක තුන හතරකට පෙර අපේ සමාජය තුළ පැවති ‘දරුවො ගහන්නේ නැතුව හදන්න බැ” කියන අශිෂ්ට අශීලාවාර ගතානුගතික මතවාදය නැවත ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකියි. මේ ශතවර්ෂය මේ සියල්ල ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. අපිට දියුණු ශිෂ්ටාචාරයක් තුළ ඉදිරි ගමනකට යා යුතුව ඇති වෙලාවක් මේක. එබැවින් මෙවැනි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ කෙසේ ද යන්නත්, තවදුරටත් එවැනි සිදුවීම් ඇතිවීම වළක්වාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අපගේ මාධ්‍ය භාවිතාව තුළත් මාධ්‍යකරුවන් මැදිහත් විය යුතුයි. දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගනිමින්, ඔවුනට හිරිහැරයක් සිදුනොවන අයුරින් සමාජ මතයක් ගොඩනැගීමට මාධ්‍යකරුවන් පෙරගමන්කරුවන් බවට පත්විය යුතුයි.”