ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දුෂ්කරම කාලපරිච්ඡේදයකදී වුවද ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරමින් සහ වසර 9 කට පසු උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථිර රැකියා ලබාදෙන මේ වකවානුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් පවසා සිටින්නේ රට නිවැරදි දිශානතිය කරා යොමු කිරීමේ වගකීම ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත් එකසේ පැවරී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි. උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
උත්සව සභාව ඇමතූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“මගේ ජීවිත කාලයේ අවස්ථා තුනයි විශ්ව විද්‍යාල පද්ධතියෙන් පෝෂණය වූ මෙවැනි බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසක් රාජ්‍ය සේවයට එකවර යොමු කර ගැනීම සඳහා 50,000 කට ආසන්න පිරිසක් දෙදාස් පහේ, දෙදාස් දොලහේ සහ දෙදහස් විසි එකේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ අවස්ථා දෙකකදීත්, අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මේ අවස්ථාවේදී විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශනයේ, මට මතකයි සෞභාග්‍යයේ දැක්ම කෙටුම්පත් කරන කමිටුවට ජනාධිපතිතුමා පෞද්ගලිකව උපදෙස් දුන්නා මේක ඇතුළත් කරන්න කියලා. ඒක වගන්තියක් විදිහට සටහන් වෙලා තියෙන කාරණයක්. ඒ නිසා ජනාධිපතිතුමා මැතිවරණ පෙරොන්දුවක් ඉෂ්ට කිරීමක් විදිහටත්, අනෙත් පැත්තෙන් දේශපාලනිකවත් මෙය කියවා ගන්න පුළුවන්. සමාජමය වගකීමක් ඉෂ්ට කිරීමක් වගේම අපි ජනතා නියෝජිතයන් විදිහට 2012 ඉඳලා මේ දක්වා වසර 9 ක් ගතවෙලා තියෙනවා අවසාන අවස්ථාවේ ඉඳලා මේ දක්වා ඒ අවුරුදු 9 ඇතුළේ ඔබ ඔබේ පවුලේ සාමාජිකයන් රටේ බුද්ධිමත්ම කියල කියන විශේෂණ පදය යොදාගෙන නිවෙස් තුළ සමාජය තුළ මොනතරම් පීඩාකාරී සාධක මැද්දේ ජීවත් වෙන්න ඇතිද? කොතරම් අපේක්ෂා භංගත්වයට පත් වෙන්න ඇද්ද? පන්සල් තුළ අපේ ස්වාමීන් වහන්සේලා වුනත්, අපේ උගත්කමේ අවසන් ප්‍රතිඵලය මෙය ද? කියන සාධාරණ සැකය මතුවෙන්න ඇති. ඒ සියල්ල දුරු කරමින් මේ අවස්ථාව උදාකිරීම ගැන ජනාධිපතිතුමා පමුඛ ආණ්ඩුවට අපිත් ප්‍රතිපත්ති සම්පාදකයෝ විදිහට ස්තුති වන්ත වන්නට ඕනේ. මට මතකයි මේ සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළේ සාකච්ඡා කරපු හැම වෙලාවේම කාංචන ඇමතිතුමා මෙතන ඉන්න නිසා කියනවා නෙවෙයි, කංචන ඇමතිතුමා මේ වෙනුවෙන් ලොකු බරතැබීමක් කළා. එම උද්‍යෝගයෙන් මේ වෙනුවෙන් සටන් කරපු තරුණ දේශපාලඥයන් රාශියක් හිටියා. කාංචන ඇමතිතුමා එයින් පමුඛයෙක්. මට මතකයි මම අධ්‍යාපන අමාත්‍යාංශයේ මාස නවයක් ඉන්න වෙලාවේ මෙයින් 28,000 ක් කොහොමද ගුරුසේවයට එකතු කර ගන්නේ එයින් 13000 ක පුරප්පාඩු හොයාගෙන යන වෙලාවෙත් කංචන ඇමතිතුමා අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා පවා මේ ගැන විවිධ සංවාද මගෙත් එක්ක කරලා තියෙනවා. ඒ නිසා ඔබේ ලෙංගතුකම එතුමා වෙනුවෙනුත් පළවෙන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ දේශපාලන අධිකාරියේ සෑම දෙනාම මේ පීඩනය අපිට ගෙනැල්ලා තියෙනවා. ඒක පළවෙනි කාරණාව.
දෙවැනි කාරණාව, ඔබ රාජ්‍ය සේවයට ඇතළත් වෙන්නේ මේ වසංගත තත්වය නිසාවෙන් රට සහ ලෝක දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති වෙලාවක. අපි වුනත් වික්ෂිප්ත වෙලා හිටියා මේක කරන්න පුළුවන් ද? මේ වැටුප් කොහොමද හොයා ගන්නේ ගුරු සේවයේ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා බිලියන 30ක් හොයාගන්න සියයට 5 සිට සියයට 23 දක්වා විවිධ ප්‍රමාණයෙන් වැටුප් වර්ධනය වන අවස්ථාවේ ඒකට බිලියන 30ක් අවශ්‍යවෙලා තිබුණා. ඒ මුදල හොයාගන්න තිබුණ අමාරුව ඇතුලේ අපේ හිත යට පොඩි සැකයක් තිබුණා කොහාමද මේකට මුදල් හොයාගන්නේ කියලා. නමුත් අපි ස්තුතිවන්න වෙනවා මුදල් ඇමතිතුමා ඇතුළු මහා භාණ්ඩාගාරයට ඒ අභියෝගය බාර ගනිමින් එය ඉෂ්ට කිරීම පිළිබදව. ප්‍රමාද වීම ගැන අපේ කනගාටුව පළකරනවා. ඔබ රාජ්‍ය සේවයට ඇතුළු වෙන්නේ මෑත කාලීන ශ්‍රී ලංකීය ජනයාගේ ජීවිතවල දුෂ්කරම පරිච්ඡේදයක බව මනසේ කොතාතැනක හෝ තැන්පත් කරගත යුතුයි. මේක පහසු වෙලාවක් නොවෙයි. පෙරේදා බිලියන 229ක සහන පැකේජයක් දෙන වෙලාවේ කැබිනට් මණඩලයේ විනාඩි 45 ක පමණ දීර්ඝ සාකච්ඡාවක් ගියපු වෙලාවේ මේ මුදල් කොහොමද හොයා ගන්නේ එය කථා වුනා. දැන් ස්ථිර කරන වෙලාවේ නොතිබුණු පන්දාහකුත් මේ මාසේ වැටුපට එකතුවෙනවා. මේක විශාල අභියෝගයක් බව මම පැහැදිලි කළ යුතු නැහැ. මොකද ඔබ මේ රටේ බුද්ධිමත්ම තරුණ පරම්පරාව නියෝජනය කරන නිසා. එකම දේ, ඉතා අමාරුවෙන්, ලොකු අභියෝගයක් මැද මෙය ඉෂ්ටවුණු බව අපි මනසේ තැන්පත් කරගන්න ඕනේ.
තුන්වෙනි කාරණාව ඔබ ඇතුළත් වෙලා ඉන්නේ රාජ්‍ය සේවයට. අද 2022 ඔබ ඇතුලත් වුනාම ඔබ විශ්‍රාම යන්නේ කවදාද? අවම වශයෙන් 2050 පමණ වනවා. මම කැමතියි ඔබව 2050ට එක්කගෙන යන්න. 2050 රට කොතනද තියෙන්න ඕනේ? රාජ්‍ය සේවකයාගේ, දේශපාලනඥයාගේ වගකීම මොකක්ද 2050 ලෝකය හදාගන්න? අද වසංගත තත්වය මධ්‍යයේ අපි අවිධිමත් වසර දෙකක් පහුකරමින් ඉන්න වෙලාවේ මේ නව වසර විධිමත් කරගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් අපිට තියෙනවා. 2050 දී අපි අපේ පුරවැසියාට ළඟා කළ යුතු ලෝකය කුමක් ද? මේ තුන්වැනි කාරණාව ප්‍රතිපත්ති සම්පාදකයක් විදිහට අපත්, රාජ්‍ය සේවකයන් විදිහට ඔබත් ඉතා වැදගත් විදිහට අවධාරණය කර ගත යුතු කාරණාවක්. ඔබ විශ්‍රාම යන වෙලාවේ ඩලස් අලහප්පෙරුම දේශපාලන භූමියේ නෙවෙයි, සුසානභූමියේ ඉන්නේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. මෙතන ඉන්න අයගෙන් දේශපාලන භූමියේ කංචනා ඇමතිතුමා විතරක් ඉඳියි. මෙයින් කවුරු හරි එයි දික්වැල්ල පදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදේශීය ලේකම් වෙලා. මේ ඉන්න කෙනෙක් සම්බන්ධීකරණ කමිටුවට නායකත්වය දේවි කවදා හරි දවසක. හැබැයි මම නැති බව ස්ථිරයි. ඒ නිසා 2050 වෙනකොට අපේ වගකීම අපේ යුතුකම කුමක් ද කියලා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අවුරුදු 30ක කාලයක් තව තියෙනවා 2050 වන්නට. ජනාධිපතිතුමා ඉලක්කයක් දීලා තියෙනවා 2050 කාබන් විමෝචනය බිංදුව කරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ 200 ඩීසල් දුමාරයක් තියෙන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා නම් වායුගෝලයට කාබන් විමෝචනය වීමක් සිදුවන්නට බැහැ. විදුලිබල නිෂ්පාදනය 2030 වනවිට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් උත්පාදනය කරන්නට ඕනේ. හැබැයි 2050 දී සියයට සීයක්ම පුනර්ජනනීය බලශක්තිය විය යුතුයි. ඒ කියන්නේ 2050 වන විට මේ රටේ විදුලිය නිෂ්පාදනය විය යුත්තේ ජලයෙන්, සුළඟින් සහ හිරු එළියෙන් පමණමයි. ඒ වෙනුවෙන් දේශපාලනඥයා කළ යුතු කැපවීමක් තියෙනවා. නිකන් වෙන්නේ නෑ. කේන්දර බලල කේන්දරයෙන් වෙන එකක් නෙවෙයි. කාබන් විමෝචනය ශුන්‍ය වෙනවා කියන්නේ අහම්බෙන් සිද්ධ වන දෙයක් නෙවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත් පැවරෙන වගකීමක් තියෙනවා. පක්ෂ විපක්ෂ සමස්ථ දේශපාලන කඳවුර විදිහට, සමස්ථ රාජ්‍ය සේවය විදිහට අප දෙපාර්ශවයට වර්ණබේදයකින් තොරව එල්ල වන චෝදනාව තමයි මේ වගකීම් ඉතිහාසය පුරා අපි ඉෂ්ට කරල නෑ කියන එක. ඒකයි මේ ප්‍රමාදය. ඒකයි එක් පුද්ගල ආදායම ඩොලර් 3800 ක හිර වුණු රටක් බවට මේ රට පත්වෙලා තියෙන්නේ. ඒකයි අපිට වඩා පස්සේ නිදහස ලබපු අපේ අසල්වැසි සිංගප්පූරුව සංවර්ධිත රාජ්‍යයක් විදිහට ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒ රටවල දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිලධාරිනුත් ඒ වගකීම මැනවින් ඉෂ්ට කළ නිසා ය යන මතය අද සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඒක පුද්ගලිකව එක් අයෙකුට එල්ල වන චෝදනාවක් නෙවෙයි. දැන් මම අවුරුදු 30 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරල තියෙනවා. එතකොට මට ඒ විත්ති කූඩුවෙන් බහින්න අයිතියක් නෑ. දික්වැල්ල ප්‍රාදේශය ලේකම් තුමා අවුරුදු 16ක්. ඒ විත්ති කූඩුවෙන් බහින්න ප්‍රාදේශීය ලේකම්තුමාටත් බැහැ. සමාජයේ තියෙන ප්‍රබලම චෝදනාවක් මේක. ඒ නිසා 2050 තෙක් රාජ්‍ය සේවයේ ඉන්න ආපු ඔබට කෙතරම් වගකීමක් පැවරී තිබෙනවා ද? බලන්න තාක්ෂණය කොයිතරම් දියුණු වෙයිද?
මිනිසා සඳ මත පා තැබුවේ 1969 වසරේදී ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ටෝන්ග්. අපි අවුරුදු 9 ක පුංචි සන්ධියේ. රේඩියෝ එක වටේට ඉඳගෙන අපි මේක ඇහුවා. මට මතකයි අපේ ගෙදර හතලිහක් පනහක් හිටියා රේඩියෝ එක වටේ. ඒ අදින් අවුරුදු 52කට පෙර. අද නාසා ආයතනය කියන්නේ එදා ඇපලෝ යානයේ තිබුණු තාක්ෂණයට වඩා ඔබේ අතේ තියෙන ජංගම දුරකතනයේ තාක්ෂණය කියල. හිතන්න වෙනස් වුනු වේගය. වෙනස් වන තාක්ෂණයට අනුව අපි පරිවර්තනය වන්නට ඕනේ. තාක්ෂණයට දොස් කියලා වැඩක් නෑ. අපේ සියොලඟම, පංචස්කන්ධයම නූතන තාක්ෂණය විසින් වැළඳගෙන තියෙන්නේ. ඔබ විශ්‍රාම යන වෙලාව වෙන කොට ඔබේ ඇඟ ඇතුලේ චිප් එකක් සවි කරාවි. දැන් පර්යේෂන සිද්ධ වෙන්නේ ඒ පිළිබඳව. සියයට 10 යි මිනිසා මොලයෙන් වැඩ ගන්නේ, සියයට 90කින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියන උපකල්පනය මත පදනම්ව ඔබ විශ්‍රාම යන වෙලාවේ ඔබේ ඇඟ ඇතුළේ චිප් එකක් සවි කලොක් ඒ ගැන පුදුම වන්න එපා. ඒ දියුණු ලෝකය අත්පත් කරගන්න ඒ දැනීම දැන් සිටම ඔබ ප්‍රගුණ කළ යුතුයි. අපේ රාජ්‍ය සේවයේ සේවකයන් සංඛ්‍යාව දැන් මිලියන 1 දශම 6 පැන්නා. ඒ කියන්නේ ජනගහණයෙන් සියයට 7ක්. එක දෙක තුන හතර කියල ගණිනකොට හැම දාහතර දෙනෙක්ගෙන් පස්සේ රාජ්‍ය සේවකයෙක් එනවා. අද නවදහස් ගණනක් ඉන්නවා දේශපාලනඥයෝ රටේ. ඒ කියන්නේ ජනගහණයෙන් දශම බිංදුවයි හතරක්. විධායක ජනාධිපතිවරයාගේ සිට පලාත් පාලන නියෝජිතයා දක්වා ප්‍රතිපත්ති සම්පාදකයින්. දශම බිංදුවයි හතරක් කියන්නේ සෑම පුරවැසියන් 2500 කටම එක් දේශපාලනඥයා බැගින් ඉන්නවා රටේ. කොයි තරම් ප්‍රබල අභියෝගයක් අපිට තියෙනවා ද කියලා හිතන්න. හොඳට වගේම හැම නරකටමත් අපි වග කියන්න ඕනේ. සමාජයේ සාකච්ඡා වෙන්නේ නරක විතරයි. හොඳට ප්‍රශංසා ලැබෙනවා මම නෑ කියන්නේ නෑ. නමුත් වාද අවකාශයේ තියෙන්නේ වැඩිපුර නරක පිළිබඳ සාකච්ඡාව. එය අප තේරම් ගත යුතුයි. වෙනස්වන ලෝකය තුළ අපි මේ වගකීම් අවබෝධ කරගත යුතුයි. ඔබ වසර දොලහක් බලන් හිටියා. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ මගේ නායකත්වයෙන් ආරම්භ කරපු හරිත විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය 76 දෙනයි. මේ සැරේ 3000 ක් බඳවා ගත්තා. ඒ කියන්නේ දරුවෝ අවම වශයෙන් දහ දාහක් ඇතුලේ ඉන්නවා. එතකොට රැකියා ගත කිරීමේ ප්‍රතිශතය කීයද ? සියයට 96 යි දශම හතරයි. එන්එස්බීඑම් එකෙන් පිටවන සියයට අනූහයයි දශම හතරකට පිටවෙලා පළවෙනි වසරේ රැකියාවක් ලැබෙනවා. ලිස්ට් එක ගත්තහම එහෙමයි සීයයට අනූ හතරයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත් වෙලා තියෙනවා, ඒ පරිවර්තනය විශ්ව විද්‍යාල ඇතුලේ කරගන්න. සරසවි පාඨමාලා තුළ එම වෙනස සිදුවිය යුතුයි. රාජ්‍ය සේවකයන් ලෙස ඔබ ඒ බලපෑම ඔබගේ ශිල්පස්ථාන වෙත, අධ්‍යාපන පද්ධතිය වෙත, දැනුම් පද්ධතිය වෙත ලබාදිය යුතුයි. ඒක ඔබගේ වගකීමක් ලෙස හඳුන්වාදීමට මා කැමතියි.”
අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
‘