ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබා දීම අද ( 08) පෙරවරු 9.30ට ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී ආරම්භ විය .
එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ජනමාධ්‍යවේදීන් ද කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත්හ .
පසුගිය වසරේ ක්‍රියාත්මක වූ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස මෙය ක්‍රියාත්මකයි .
ඒ අනුව අද ( 08) පස්වරු 3.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙන අතර හෙට ( 09) පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා ද පැවැත්වීමට කටයුතු සලසා ඇත .
එම දිනයන්හි බූස්ටර් එන්නත ලබා ගැනීමට නොහැකි වූ මාධ්‍යවේදීන්ට ජනවාරි 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මෙම එන්නත ලබා ගත හැකියි .