නුතන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ උසස් මාධ්‍ය කලාවක් මෙන්ම ගෞරවනීය මාධ්‍යවේදීන් බිහි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කිරීමට යෝජිත වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පත්කළ මෙහෙයුම් කමිටු සාකච්ඡාවක් අද (13) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ .
මෙම ආයතනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමි වී ඇති බවත් ඊට අවශ්‍ය මූල්‍යමය ප්රවාහයන් පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විශ්වවිද්‍යාලයක මාධ්‍ය පාඨමාලාවකට එහා ගිය ප්‍රායෝගිකත්වයෙන් පූර්ණ වූ මාධ්‍ය සාක්ෂරතාවයෙන් ඉහළ තලයක රැඳි ගෞරවනීය මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට හා ජනමාධ්‍ය පිළිබඳ උසස් අධ්‍යනයක් සහිත පර්යේෂණ හා පුහුණු ආයතනයක් ලෙස වෘත්තීය නිපුනත්වයක් මෙම ආයතනය මගින් ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අමාත්‍යවරයා හා කමිටුව අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ,රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ,අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ( මාධ්‍ය ) මිලින්ද රාජපක්ෂ , යන මහත්වරු මෙන්ම විශ්වවිද්යාලයාල ආචාර්යවරුන් ගෙන් සැදුම්ලත් කමිටු සාමාජිකයින් ද එක්ව සිටියහ .