09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 සිදු කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස්තුන (2) ව්‍යවස්ථාව මගින් ලැබි ඇති බලතල ප්‍රකාරව එතුමා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට කටයුතු කෙරේ. ආචාර වෙඩිමුර සහ රථ පෙලපාලි මෙවර නොපැවැත්වෙන බවද වාර්තා වෙයි.