ඉදිරි සති දෙක තුළ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතයි.

ඒ අනුව එංගලන්තය, දකුණු කොරියාව, තුර්කිය ඇතුඵ රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙරටට පැමිණිමට නියමිත බව වාර්තා වෙයි. දකුණු කොරියානු කථානායකවරයා ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණිමට නියමිතයි.