ජනාධිපති ලේකම් ධුරයට පත් කෙරුණු ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් කාාර්යාලයේදි අද පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කරයි. ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම ධුරය පුරප්පාඩු විය. ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම ධුරය සදහා ගාමිණි සෙනරත් මහතා පත් කළේය. ගාමිණි සෙනරත් මහතා ආගමන  විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, අගමැති අතිරේක ලේකම්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආදි තනතුරු රැසක් දරා තිබේ.