“ ජනවාරි 22වෙනිදා පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව විභාගය පුංචි දුවල පුතාල ජීවිතේ මූණ දෙන පළමු අභියෝගය, වසංගත තත්වය ඇතුලේ විභාගයන් අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා ආණ්ඩුවක් විදිහට අපි ඉතාම ඉහල කැපවීමක් ලබා දෙනවා , ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ මාස 05කට පස්සේ, අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත වෙලා තිබුණ විභාගය තමයි ජනවාරි 22වෙනිදා පවත්වන්නේ..”
ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 19වෙනිදා කොළඹ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
“අපේ රට ඉතාම දක්ෂ දරුවො ඉන්න රටක්. දරුවො ගැන විශ්වාසය තියන්න, අපි ඒ විශ්වාසය ගිය සැරේ තබපු නිසා දරුවන්ගෙ සාර්ථකත්වය රටට පෙන්නුවා. ඒ නිසා අපි හැම අම්මා කෙනෙක්ගෙන්ම තාත්තා කෙනෙක්ගෙන්ම ආදරයෙන් ඉල්ලනවා දරුවන්ව විශ්වාස කරන්න, දරුවන්ගේ ශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න. අපි තුන් ලක්ෂ හතලිස් දාස් පන්සීය අට දෙනෙක් දුවල පුතාලට මුළු රටේම සුභපැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කරගන්නවා ….” යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වීය.