‘Top50’ Professional and Career Women Awards 2021 සම්මාන උළෙලේදී සත්කාරක සේවා, බැංකු සහ මූල්‍ය, සැපයුම් දාම, ව්‍යවසාය, ජනමාධ්‍ය සහ නීතිය යනාදී විවිධ ක්ෂේත්රයන්හි විශිෂ්ට දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් තම ප්‍රජාවට ආදර්ශයක් සැළසූ කාන්තාවෝ මෙලෙස ඇගයීමට පාත්‍රවූහ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.
පෙර වසරවලදී මෙලෙස සම්මානයට පාත්රවු ජයග්‍රාහිකාවන් 470 කින් සමන්විත මෙම සම්මාන උළෙල කාන්තාවන් නායිකාවන්, වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ පාර්ශවකරුවන් ලෙස රටේ තිරසාර මෙන්ම සියළු දෙනා ඇතුළත් කරගත් සංවර්ධනය සඳහා දක්වන දායකත්වයේ වැදගත්කම අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හොලී ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.