අතීතයට ඇඟිල්ල දිගු කිරීමේ පුරුද්දෙන් මිදී අනාගතයට දෙසට ඇගිලි දිගු කරන මහජන නියෝජිතයන් ලෙස එකට එක්වී වැඩ කරමු යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී. ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රයතිපත්ති ප්රතකාශය පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

"අද දවසේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදයට අමතරව මම කැමතියි මේ කතාවේ එක විනාඩියක් වෙන් කරන්න ගරු කථානායකතුමා පෙරේදා මේ පාර්ලිමේන්තුවේ කරපු පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය පිළිබදව, එහි හැසිරීම පිළිබදව ප්‍රකාශය පිළිබදව අදහස් දක්වන්න. අපේ දැනුම, අපේ පර්යේනශන පිළිබදව මහජනතාවගේ නියෝජිතයන් විදිහට එතුමා කරපු ප්‍රකාශයට මාධ්‍ය අවකාශයේ, වාද අවකාශයේ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පමණක් දෙවෙනි වූ විශාල ඉඩක් ලැබිලා තියෙනවා. මම කැමතියි මේ පිළිබදව අවධානය යොමු කරන්න. මම පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා ගරු කථානායකතුමාට මේ යථාර්තය හෙළිදරවු කිරීම පිළිබදව.

නමුත් ගරු සභාපතිතුමනි, මේක එක ආණ්ඩුවක, එක පක්ෂයක, එක නායකයෙකුගේ, එක කණ්ඩායමක වැරැද්දක් නෙවෙයි . 1948 ඉදලා අපි විසින් ඇතිකරගත්තාවූ බොහෝ නුගුණ සහ නිසරු දේවල්වල අවසාන ප්‍රතිඵලය විදිහටයි මේ තත්වය අද උදාවෙලා තියෙන්නේ. මේ තත්වය අපි අවංකව පිළිගත යුතුයි. ගරු සහෝදර විපක්ෂයේ මන්ත්‍රීතුමනි, ලෝකයේ පිළිගැනීමක් තියෙනවා 13 ඉලක්කම නපුරුයි කියලා. මේක විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි නමුත් ජනප්‍රිය මතයක්. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුළත් ඉලක්කමක් තියෙනවා අසුබ, නරක කියලා වර්තමානයේ පිළිගන්න. ඒ තමයි 225 කියන එක. එක එක පාර්ශවයන්ට ඇගිල්ල දිගු නොකොට ඒක අපි පිළිගත යුතුයි. මහජන නියෝජිතයින් විදිහට සාමූහිකව මේ ස්ථානය අර්ථවත් තැනක් කර ගන්න අපට වගකීමක් පැවරී තිබෙනවා. ව්යනවස්ථාවෙන් උත්තරීතරයි කියලා කියන මේ පාර්ලිමේන්තුවේ ඒ උත්තරීතරභාවය යථාර්තයක් කරගැනීමට ඒ කැපවීම අප කළ යුතුයි.
ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් වර්තමාන ආණ්ඩුවේ ගෙවුණු වසර දෙකක කාලපරිච්ජේදය විනිශ්චය කිරීමේදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ "සෞභාග්යසයේ දැක්ම" සමඟ එය සංසන්දනය කිරීම වඩාත් සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශන කථාව විනිශ්චය කරන්නට ඕනේ ජනාධිපති අපේක්ෂකයා විදිහට එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ ඒ නිසා වසර දෙකක අර්බුදයකට අපි මුහුණ දෙමින් වසර දෙකක් පැමිණි මේ ගමනේදි අපි අවිවාදයෙන් අගය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා.
එන්නත්කරණය පිළිබදව අපි සියලු දෙනා කථා කළා. මෙම එන්නත්කරණය පිළිබදව ලෝකයේ අපි තරමටම ආර්ථිකයක් තියෙන, අපේ තරමටම යටිතල පහසුකම් තියෙන සමාන රාජ්‍යයන් එක්ක විතරක් නෙවෙයි, අපිට වඩා යටිතල පහසුකම්වලින් සහ ආර්ථික වශයෙන් දියුණු, දියුණු රාජ්‍යයන් සමඟ සන්සන්දනය කිරීමේදී පවා අපි අද නිරෝගී ජාතියක් විදිහට පියවරක් ඉදිරියට තියලා තියෙනවා. ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ විශාල කණ්ඩායම ඇතුලේ ප්‍රමුඛ ජනාධිපතිතුමාට ලබාදීමට අපි අතර විවාදයක් තබාගත යුතු නෑ. මීට දින හතරකට පෙර ලෝක සංචාරක කවුන්සිලය නිවේදන නිකුත් කළා, ආසියානු කලාපයේ සංචාරය කරන්න වඩාත් ආරක්ෂිත රට ශ්‍රී ලංකාව කියලා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, මේ එන්නත්කරණයේදී අත්කරගත් විශිෂ්ටත්වය නිසා තමයි ඒ සහතිකය අපිට ලැබෙන්නේ. කෙසේවෙතත්, මේ මොහොතේ අපි අර්බුදයකට මුහුණ දෙනවා කියන එක හංගන්න පුළුවන් එකක් නෙවෙයි.

මොකක්ද අර්බුදය? නිෂ්පාදනයට වඩා පරිභෝජනය වැදගත් කොට සැළකූ සමාජයක් විදිහට අද අපි අර්බුදයකට මුහුණදී සිටිනවා. කොවිඩ් වසංගත තත්වය එම අර්බුදයේ ප්‍රකාශන තත්වයකට පත්ව තිබෙනවා.
මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ, අපි පසුගිය කාලය තුළදී රජයක් විදිහට අපි තියපු ධනාත්මක පියවර කිහිපයක් පිළිබදව මේ කෙටිම කෙටි කාලය තුළදී ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ක්‍රමයක ඇතුලේ අපේ රටේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබදව. ලෝකයේ ඕනේම රටක අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පූර්ව ළමාවිය සංවර්ධනය කේන්ද්‍රීයව ලක්ෂය බවට පත්වෙනවා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ අවම වශයෙන් මුළු රටටම ගැලපෙන එක පාඨමාලවක්, විෂය නිර්දේෂයක්, පළාත් සභාවෙන් පළාත් සභාවට වෙන් වෙච්ච වැඩපිළිවෙලක් තිබුණේ නෑ. එය විධිමත් කිරීම සදහා ගනු ලැබූ තීන්දුව අපි අගය කළ යුතුයි.
ඒ වගේම මේ ප්‍ර තිපත්ති ප්‍රකාශන විවාදයේදීත්, ජනාධිපතිතුමා කීවා සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින් සහ මැත්ස් යන ස්ටෙම් සබ්ජෙක්ට්ස් ගැන. ඓතිහාසිකව කරගත්ත වැරැද්දක් තමයි science, technology, engineering සහ maths කියන විෂයනට අපි ප්‍රමුඛත්වය දුන්නේ නෑ. ඒ නිසා විශ්ව විද්යාල පද්ධතිය තුළ අපි උපාධිධාරීන් නිර්මාණය කලේ කොටුවේ දුම්‍ රියපොලට, ලිප්ටන් වටරවුමට ගැලපෙන උපාධිධාරීන්. අර්බුදයේ මුල තිබුණේ මෙතන.
අළුත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, මගේ මූළිකත්වයෙන් එන්.එස්.බී.එම්. හරිත සරසවිය නිර්මාණය කරගත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. එහි රැකියාගත කිරීමේ ප්‍රතිපත්ති සියයට 96ක්. ස්ලිට් එකේ සියයට 94ක්. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත් වෙන්නෙ මෙතෙන්දි. ඒ නිසාම ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුත් සදහන් කරපු එක කාරණාවක් තමයි සැම පාඨමාලාවකටම තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ඇතුළත් කිරීම. විශේෂයෙන්ම කලා පාඨමාලා සදහා එවැනි පහසුකමක් තිබුණේ නෑ. ඒ සදහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා විශ්ව විද්‍යාල පද්ධතියටම, සෑම උපාධි පාඨමාලාවකටම තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළත් කිරීම ඉතා වැදගත්. පාසැල් ජාතික පාසැල් බවට පත්කිරීමේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනයට බලපෑමක් වෙනවා කියලා මා  සිද්ධාර්ථන් මංත්රීපතුමා කළ ප්රවකාශයට මා එකග නෑ. උදාහරණයක් විදිහට උතුරු පළාතේ ජාතික පාසැල් 22 යි තිබුනේ. උතුරු පලාතේ ප්රායදේශීය ලේකම් කොට්ඨාශ 20 කට එක ජාතික පාසැලක්වත් තිබ්බේ නෑ. ඒ නිසා මම අධ්යාරපන ඇමතිවරයාව සිටි කෙටි කාලය තුළදී මේ කැබිනට් පත්රි කාව ඉදිරිපත් කළේ. අවම වශයෙන් එක ප්රාාදේශීය ලේකම් කොට්ඨාශයකට එක ජාතික පාසැලක් ලැබිය යුතුය යන අරමුණු පෙරදැරිව. මොකද අධ්යාමපනයේ බරපතල ගැටළුවක් තියෙන්නේ උතුරු පළාතේ. උතුරු පළාතේ ප්රාරථමික අධ්යාමපනය ලබාදෙන ගුරුවරුන් අතරින් සියයට 50කට වඩා ඉන්නේ නුපුහුණු ගුරුවරු. ඒනිසා අපි අනාගතයේ දවසක දරුවන්ගෙන් ඇයි ආයුධ අතට ගන්නේ නැත්තේ කියලා ප්රුශ්ණ කරාවි. රටේ ප්රයතිශතය සියයට 25යි. උතුරේ සියයට 53යි. ඒ නිසා ඒක 13 වන සංශෝධනය උල්ලංඝණය කිරීමක් විදිහට සළකන්න එපා කියලා ඉතාම මිත්රරශීලීව ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් ජනාධිපතිතුමා ඩිජිටල්කරණය ගැන කතා කළා. දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනේම රූපවාහිනී සේවා 2025 අග වන විට ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපේ රටට ඇනලොග් තාක්ෂණය ඇවිල්ලා අවුරුදු 42ක්. ලෝකෙටම ඩිජිටල් තාක්ෂණය ආවා වසර 2000 දී. නෙළුම් කුළුණ මුල් කරගෙන පරිවාර කුළුණු 16ක් එක්ක ලංකාව 2025 අග වෙනකොට මේක අවසන් කරනවා. 2023 මැදවෙනකොට බස්නාහිර පළාතේ සියලු රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට ඉතාම පැහැදිලි දර්ශන තමන්ගේ තිර මත නරඹන්න පුළුවන් වෙන විදිහට සහ ලාබදායී විදිහට රූපවාහිනී ආයතනවලට, සන්නිවේදකයින්ට හිමිවන ලෙස අප මෙය අවසන් කරනවා.