ඇමති බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කළ අයවැයෙන් ගමට වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරිම ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 8.52 ට සුබ මොහොතින් සිදුවෙයි.
අයවැයෙන් වැඩ ලක්ෂයක් ලෙසින් නම් කර ඇති මෙම වැඩසටහන යටතේ අයවැය යෝජනා වලට අනුව සංවර්ධන ව්‍යාපෘති සදහා සපයන ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂම අන්දමින් ජනතා අවශ්‍යතා සදහා යෙදවිම රජයේ අපේක්ෂාවයි. අවම වශයෙන් එක් ග්‍රාමසේවා වසමක සංවර්ධන ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක වන ආකාරයට අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එම සංවර්ධන කටයුතු ක්‍රමවත්ව හා වඩාත් ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පසුගිය මාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පළාත් පාලන ආයතන නියෝජිතයෝ හා රජයේ නිලධාරිහු දිවයිනේ මැතිවරණ කොට්ඨාස හා ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සාකච්ඡා මාලාවක් පැවැත්වූහ.