අය වැය මඟින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමන් එළඹෙන පෙබරවාරි මස 03 දින රට පුරා ''ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්'' ව්‍යාපෘතිය ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක , වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
දිවයින පුරා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.