ජාතික රූපවාහිනි සංස්ථාවේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් විශේෂ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව, ඊයේ ( පෙබරවාරි 01) දින ජාතික රූපවාහිනි සංස්ථාවේ රාජකාරී කරනු ලබන කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.