2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධව කලුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සියලුම පළාත් පාලන ආයතනයන්හි තොරතුරු නිලධාන් දැනුවත් කිරීමේ වැඩසටන 2021.01.21 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් (වැ.බ) හා ජනමාධ්‍ය අමාත්‍යාශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා හා කලුතර දිස්ත්‍රික් ලේකම් ජී.පී.ජානක කුමාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශ අනුෂ පැල්පිට මහතාගේ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඒකකය විසින් ඒෆල් තරුණ ජාලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකයන් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික නිතිඥ ජගත් ලියනාරච්චි මහතා සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ යන මහත්වරුන් විසින් සහභාගී වුහ.