රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳපලේ හිඟයකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි. ආහාර ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් ද පත් කර තිබේ. දැනට රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදි ඊයේ පැවැත්විණි. එළඹෙන උත්සව සමයේදි ජනතාවට හිගයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිතුමා එහිදි අවධාරණය කළේය. ඒ සදහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන්නැයි එතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය. තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩකඩ සැලසේ. එහෙත් එහිදි කූට අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරිමට හා තොග සැගවිමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරිම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ඒ පිළිබඳ නියාමනය හා අධීක්ෂණය නව කමිටුවට පැවරේ.