යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පැවති වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්ව විද්‍යාලය නමින් ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරිීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ අනුව මෙරට 17 වැනි රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්ව විද්‍යාලය ඉතිහාසයට එක් වෙයි. වව්නියාව මණ්ඩපය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කරන ලෙස සිසුන්ගෙන් හා ආචාර්ය මණ්ඩලයෙන් දීර්ඝ කාලයක සිට ඉල්ලීම් ඉදිරිපත් විය. ඒ අනුව රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව උසස් අධ්‍යාපනය නගාසිටුවීමේ වැඩසටහන යටතේ මෙම මණ්ඩපය විශ්ව විද්‍යාලයක් බවට සංවර්ධනය කර තිබේ. දේශන ශාලා , පීඨ ගොඩනැගිලි , ක්‍රිීඩා පිටි ඇතුඵව නවීන පහසුකම්වලින් සමන්විත සුහුරු විශ්ව විද්‍යාලයක් ලෙස මෙය වැඩිදියුණු කර ඇත. විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාර ක්‍රීඩා පිටියට රැස්ව සිටි පිරිස උත්සව භුමියට පැමිණි ජනාධිපතිතුමන් මහත් හරසරින් පිළිගනු ලැබුහ. වව්නියාව මණ්ඩපය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානය ද සිසු අයිතියට පැවරීය. අනාගතයේ සිදු වන සමාජ වෙනස්වීම්වලට ඔරොත්ුතු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජ ගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපතතුමා පැවසීය. රටක් බලවත් වීමට නම් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතුය. ජාතික අධ්‍යාපනය නගාසිටුවීමට රජය ප්‍රමුඛතාව ලබාදී තිබේ. විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ නංවා ඇත. එය ඉදිරියේදී ක්‍රමානුකුලව වැඩි කෙරේ. කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඉංග්‍රිසි භාෂාව, තොරතුරු තාක්ෂණ දැනුම ලබා දෙමින් සමාජ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි විෂය මාලා සකස් කිරීමට ගත් කඩිනම් වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. ලොව ඉහළ රැකියා ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර හඳුනා ගනිමින් උගතුන් බිහි කිරීම කාලීන අවශ්‍යතාවකි. උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබිමට අවකාශය සලසා දීම රජයක වගකීම බව එතුමා පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාලය තුලදී ඇති කර ගන්නා සහජීවනය හා බැඳීම ඉතා ප්‍රබල බවත් , එය රටේ සංවර්ධනයේදී මනා පිටිවහලක් වනු ඇති බවත් රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.