ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ‍ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර සුහද හමුවක් පෙබරවාරි 15 වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිණි .

වර්තමාන ලෝකය  මුහුණ දෙන බරපතල අභියෝගයක් වන ව්‍යාජ තොරතුරු ව්‍යාප්තිය පිළිබඳවත්, එය මැඩලීමට නවසීලන්ත රජය ගෙන ඇති පියවර පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරිණි .

එමෙන්ම පුරවැසියන්ගේ ප්‍රකාශන නිදහස ආරක්ෂා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දරන ස්ථාවරය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි .

මෙම අවස්ථාවට අමාත්‍ය පෞද්ගලික ලේකම් ඕෂධී අලහප්පෙරුම මහතා සහ ‍ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මෙනවිය ද එක්ව සිටිහ.