පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වෙයි. අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රිවරුන් පස්දෙනෙකු වෙනුවෙන් ශෝකප්‍රකාශ යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා තිබේ. ආනන්ද රත්නායක, ආර්. ආර්. ඩබ්ලිව්. රාජපක්ෂ, සෝමවීර චන්ද්‍රසිරි, පී. බී. දිසානායක හා එච්. ආර්. මිත්‍රපාල එම මන්ත්‍රිවරු වෙති.