සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නිරවුල් බිමක අයිතිය තහවුරු කිරීමේ ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කරමින් මහවැලි කලාප 10 කට අයත් ප්‍රදේශවල ඉඩම් හිමිකම් ඔප්පු ලක්ෂයක් පිරිනැමිමේ වැඩසටහන හෙට ඇරඹෙයි. ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගනයේ ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්වෙයි. ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමිමේ වැඩසටහනේ පලමු අදියර ලෙස වලව කලාපයේ ඉඩම් හිමිකම් නැති ජනතාවට හිමිකම් ඔප්පු දසදහසක් පිරිනැමිමට විධිවිධාන යොදා තිබේ. මේ වසර අවසන් වනවිට ඉඩම් හිමිකම් ඔප්පු ලක්ෂයම පිරිනැමිම රජයේ ඉලක්කයයි.