සිංහල භාෂා දිනය අදට යෙදී තිබේ. ඉංග්‍රිසි අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට එරෙහිව වාරියපොල සුමංගල ස්වාමින් වහන්සේ ඉංග්‍රිසි ධජය බිම දමා පාගා ලංකා කොඩිය එසවුයේ අද වැනි දිනකයි. මෑත යුගයේ මෙරට බිහිවු විශිෂ්ටතම පඩිවරයෙකු වු කුමාරතුංග මුණිදාස සුූරීන් මරණයට පත්වුයේ 1944 මාර්තු 02 වැනිදායි. මෙම සිදුවීම් දෙක පාදක කර ගනිමින් 1989 දී රජය සෑම වසරකම මාර්තු 02 වැනිදා සිංහල භාෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.