දැන් පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම ද මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා කියයි. පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීම අරමුණයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සංවිධාන කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව ඔහු සදහන් කරයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරින. නව ප්‍රතිඵල ලැබුනු සිසුන්ට පමණක් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.