දේශයේ නිදහස වෙනුවෙන් තම ජිවිත කැප කළ හා ආබාධිත තත්ත්වයට ප.ත් රණවිරුවන්ට උපහාර පිණිස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරුසෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ රථය රැගත් රථ පෙරහර මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාන්සනයෙන් අද පෙරවරු 9.00 ට ගමන් අරඹයි. දඹුල්ල හා මිහින්තලය ඔස්සේ රථ පෙරහර අනුරාධපුරයට ලගාවනු ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණෝත්සවය සඳහිරුසෑ පුදබිමේදී හෙට පෙරවරුවේ පැවැත්වෙයි. ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිතයායි.