දිවයින පුරා පිහිටි පිරවුම්හල් වෙත ඩිසල් හා පෙට්‍රල් බෙදා හැරිම දැන් සිදු කෙරේ. ඉන්ධන අර්බුදය ඉදිරි දින කිහිපයේදි අවසන් වනු ඇත. ඉන්ධන හා විදුලි ගාස්තු වැඩිකිරිම සම්බන්ධයෙන් මෙතෙක් තිරණයක් ගෙන නැතැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ නැව් දෙකකින් ඉන්ධන බෑම සිදුකරන බවයි. දිගු පෝලිම් වල රැදී සිට ඉන්ධන ලබාගැනිමේ අවශ්‍යතාවක් දැන් නැතැයි ඔහු අවධාරණය කරයි.

කැළණිතිස්ස විදුලි බලාගාරය ඇතුලු බලාගාර කිහිපයක් සදහා ඩිසල් ලබාදිම ඊයේ ආරම්භ විය. ඒ අනුව සැපයිමට නියමිත ඩිසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් අටදහසකි. විදුලි බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස්දහසක් රැගත් නෞකාවක් අද දිවයිනට ලගාවෙයි. එම ඉන්ධන ද කැළණිතිස්ස ඇතුලු තාප බලාගාර වෙත ලබාදිමට සැලසුම් කර තිබේ. මේ අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිීතා කොමිසම සහ ලංකා ඛනිජ තෙල් නිීතිගත සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. විදුලිබල අර්බුදය විසදිමට කෙටි කාලින හා දිර්ග කාලින සැලසුම් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍යවරිය එහිදි උපදෙස් ලබා දි තිබේ.

මේ අතර පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සදහා ලංගම ඩිපෝ් වලින් ඉන්ධන ලබාදිමේ වැඩසටහන මේ වන විට දවයින පුරා තෝරාගත් ඩිපෝ 45 ක ක්‍රියාත්මකයි. ඉදිරියේදි ඉන්ධන පිරවුම්හල් ඇති සියලුම ඩිපෝ මගින් පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.