ඉදිරි වසර හය තුළ පුනර්ජනනිය බලශක්ති ප්‍රභව මගින් මෙගාවොට් පන්දහසක විදුලි ධාරිතාවක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එක්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස්දී ඇතැයි පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා පත් කළ ඇමති අනුකමිටුවේ සභාපති ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. මෙරට පුනර්ජනනිය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවලට ඉන්දිය අදානී සමාගම පලමු අදියරේදී රුපියල් කෝටි 50 ක් ආයෝජනය කර තිබේ. පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා පත්කළ ඇමති අනුකමිටුවේ අනුමැතිය ඒ සදහා ලැබි තිබේ. එම සමාගම ඉදිරියේදී මෙරට පුනර්ජනනිය ව්‍යාපෘති සදහා තවදුරටත් ආයෝජනය කිරීමට සුදානමින් සිටි පැමිණෙන ආයෝජන කිසිසේත් ප්‍රමාද නොකෙරේ. එම ආයෝජන පමා කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරන්නේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අවධාරණය කරයි. නව නිවාස ඉදිකිරීම, නව කර්මාන්තශාලා ආරම්භ කිරීම ආදිය හේතුවෙන් වාර්ෂිකව සියයට 05 ත් 08 ත් අතර මට්ටමකින් විදුලි ඉල්ලුම ඉහල යයි. පුනර්ජනනිය බලශක්ති මගින් උත්පාදනය කරන විදුලිය මගින් එම අවශ්‍යතා සපුරාලීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.