ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ජාතික ගුවන් විදුලියට සම්මාන රැසක් හිමිවෙයි. කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රගහලේදි ඊයේ පස්වරුවේ එම සම්මාන උලෙළ පැවැත්විණි.
ප්‍රශස්ථ ප්රවෘත්ති ප්‍රකාශක සිංහල ලෙස හිමානන්ද රාජපක්ෂ හා ප්‍රශස්ථ ප්රවෘත්ති ප්‍රකාශක දමිල ලෙස ජේ යෝගරාජ් යන මහත්වරු සම්මානයෙන් පිදුම් ලැබුහ. ප්‍රශස්ථ ප්රවෘත්ති සංස්කාරක සදහා කුසලතා සහතික ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති සංස්කාරකවරුන් වන ආචාර්ය එදිරිවිර ගුණසේකර සහ සම්පත් විලේගොඩ යන මහත්වරු හිමිකරගත්හ. ප්‍රශස්ථ ප්රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් කාන්තා අංශයේ කුසලතා සහතිකය දිනුෂා වෙත්තසිංහ මහත්මියට පිරිනැමිනි. ප්‍රශස්ථ බාහිර විස්තර කථක කුසලතා සම්මානය සහ ප්‍රශස්ථ ක්‍රිඩා වැඩසටහනට සම්මානය හිමිකර ගැනිමට ගයාන් කෞෂාල් ජයවිර මහතා සමත්විය.
ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක ලෙස ඉදුනිල් ජයවර්ධන මහතා කුසලතා සහතිකය හිමිකරගත්තේය. ප්‍රශස්ථ පුර්ව ප්රචාරක කණ්ඩයට හිමි සම්මානය හිමිකර ගත්තේ හිමානන්ද රාජපක්ෂ මහතායි. ප්‍රශස්ථ සම්මුඛ සාකච්ඡා වැඩසටහනට හිමි සම්මානය ඉනුෂා වීබැද්ද මෙනවියට හිමිවිය. ප්‍රශස්ථ සංගිීත වැඩසටහනට හිමි සම්මානය හිමිකර ගත්තේ නිශාන්ති රණතුංග මහත්මියයි. ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියාට හිමි සම්මානය ලාල් සරත් කුමාර මහතාට ද ප්‍රශස්ථ ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයට හිමි කුසලතා සහතිකය වජිර ඉන්දික සෙනරත් කරුණාසේන මහතාට ද හිමිවිය. ප්‍රශස්ථ රේඩියෝ නාට්‍ය ශිල්පිනිය සම්මානය හිමිකරගත්තේ නීලිකා මද්දුම මහත්මියයි. ෆාතිමා රිීෂා මහත්මිය කාන්තා දින විශේෂ වැඩසටහනය වෙනුවෙන් කුසලතා සම්මානය ද රාධිකා වින්සන් මහත්මිය හොදම ගුවන් විදුලි නිවේදිකා දමිල අංශයේ සම්මානය ද හිමිකරගත්හ.
ප්රවිණ මාධ්‍යවේදිනි කුසුම් පිරිස් අනුස්මරණ සම්මානයෙන් ප්රවිණ මාධ්‍යවේදිනි නෙතලි නානයක්කාර මහත්මියට පිරිනැමිනී. ශාන් වික්‍රමසිංහ, නිව්ටන් ගුණරත්න, සුමනා ජයතිලක, නඩරාජා අයියර්, මර්ල් විලියම්, ඩි එස් දයාරත්න යන මහත්ම මහත්මිහු එහිදි ප්‍රතිභා ප්රණාම සම්මානයෙන් පිදුම් ලැබුහ.
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.