මෑත කාලීන ඉතිහාසයේ රත්මලාන ගුවන් තොටුපලේ ඉදිකෙරුනු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලබන ඉරිදා විවෘත කෙරේ. මෙලෙස විවෘත වන්නේ ගුවන් යාත්‍රාංගනය හා ඊට ප්‍රවේශ මාර්ගයයි. වැය කළ මුදල රුපියල් මිලියන 220 කි. මෙමගින් ගුවන් තොටුපලේ යාත්‍රාංගන ධාරිතාව හා ගුවන් ධාවන පථයේ කාර්යක්ෂ්මතාව සියයට 75 කින් පමණ ඉහල යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මීට අමතරව රත්මලාන ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම ද ලබන ඉරිදා සිදු කෙරේ. පලමුවෙන් මාලදිවයින අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

රත්මලාන ගුවන් තොටුපල පරිශ්‍රයේ ගගන නාවික පහසුකම් සහිත පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුඵණක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.