ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි. ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදිී සර්වපාක්ෂික සමුඵවේදී ඉදිරිපත්වු කරුණු සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිතුමා නුලන්ඩ් මහත්මිය දැනුවත් කර තිබේ.

දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව සදහන් කළ රාජපක්ෂ මහතා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඔවුන්ට ඇරයුම් කරන බවද සදහන් කළේය. රටේ ආර්ථික අර්බුදය මගහරවා ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ගත් තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමා කරුණු දක්වා තිබේ. පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුඵල් කිරීමට සහාය වන ලෙසට ජනාධිපතිතුමා වික්ටෝරියා නුලන්ඩ් මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙහිදී අදහස් දැක්වු නුලන්ඩ් මහත්මිය දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිතුමා ගන්නා උත්සාහය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළාය. හරිත තාක්ෂණය ශ්‍රී ලංකාවට හදුන්වාදීමටත්, තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සහාය ලබාදීමටත් පියවර ගන්නා බව ඇය සදහන් කළාය.