පවුල් ලක්‍ෂ 22 කට සෙත සැලසෙන හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය දිප ව්‍යාප්ත මට්ටමින් අද ඇරඹෙයි.ප්‍රධාන උත්සවය ඇමති චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.18 ට යෙදෙන සුබ මොහොතින් කහතුඩුව පොල්ගස්ඕවිටදී ඇරඹෙයි. එම සුබ මොහොතෝදීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති මන්දිර පරිශ්‍රයේදීද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේද ,~ ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදීද පැල රෝපණය කිරීමට නියමිතයි.රජයේ සියලුම අමාත්‍යංශ. දෙපාර්තමේන්තු හා ආයතන සුබ මොහොතින් වගා සංග්‍රාමයට එක්වනු ඇත.ප්‍රධාන උත්සවයට අමතරව දිවයිනපුරා සුබ මොහොතින් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එක් ග්‍රාමසේවා වසමකින් තෝරාගත් ගෙවත්තකදී මහජන නියෝජිතයන්. රාජ්‍ය නිලධාරීන්. සහ ප්‍රජා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරේ.වත්මන් ආර්ථික අභියෝග හමුවේ දේශිය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනයට ගෘහස්ථ මට්ටමින් ජනතාව දායක කරගැනීම හරිත දැයක් ජාතික ගෙවතු වගා වැඩසටහනේ අරමුණයි.

Share Button