බිම්ස්ටෙක් සාමාජික රටවල ආර්ථිකය යථා තත.්වයට පත්කිරීම මෙන්ම විශිෂ්ට ආර්ථික සමෘද්ධීයක් අත්කර ගැනීමට සාමාජික රටවල සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බව ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. කලාපීය රටවල් එකිනෙකා එක්ව ගොඩනැගීම. මත්ද්‍රව්‍ය ඇතුඵ මිනිස් ජාවාරම් සහ ත්‍රස්තවාදය. ආගමික අන්තවාදය වැළැක්වීම වැනි කලාපීය තර්ජන වැළැක්වීමට එක්ව ක්‍රියාකිරීම සහතික කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බිම්ස්ටෙක් හි රාජ්‍ය නායක සමුඵව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පල කළේය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සමුඵව පැවැත්වෙයි. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයම අයහපත් අර්බුදයකට මුහුණදෙමින් සිටින බව කීවේය. අනෙකුත් ගෝලීය අර්බුද නිසා උද්ගතව ඇති අයහපත් ආර්ථික තත්ත්වයන් හමුවේ දියුණුවන රටවලට ඍනාත්මක බලපෑමක් ඇති කර ඇත. එමගින් මිලියන ගණනක් ජනතාව අපහසුතාවට පත්ව සිටිති. වසංගතයට පෙර පුර්ව පියවර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එය ජිවිත හානි රැසක් වළක්වා ගැනීමට හේතුවිය. මෙරට වයස අවුරුදු 12 වැඩි ජනගහනයෙන් සියයට 82ක් එන්නත්කරණයට ලක්ව ඇත. සියයට 54 ක් බුස්ටර් එන්නත ලබාගෙන තිබේ. එය රට සාමාන්‍යකරණයට පත්කිරීමට හේතුවිය. මෙම වසංගත අවස්ථාවෙි්දී බිම්ස්ටෙක් රටවල සහයෝගීතාව ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. බිම්ස්ටෙක් සමුඵව හරහා කලාපීය රටවල් එකිනෙකා අතර සිය අත්දැකීම් ශක්තීන් හා විශේෂඥතාව හුවමාරු කරගැනීමේ වැදගත් කම එතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
බිම්ස්ටෙක් රටවල නායකයන් එක්ව බිම්ස්ටෙක් ප්‍රඥප්තියට අතත්‍ය ලෙස අත්සන් තැබීම මෙහිදී සිදුවිය. 2022- 2023 වසර සදහා බිම්ස්ටෙක් හි සභාපතිත්වය තායිලන්තයට භාරදීමද මෙහිදී සිදුවිය.