සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්ව විරෝධතාවෙහි නිරත පිරිස සමඟ සාකච්ඡාවකට සූදානමින් සිටිමි.
 
මේ අවස්ථාවේ රට හමුවේ පවතින අභියෝගය ජය ගැනීම උදෙසා එම පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීම එහි අරමුණ ය.
 
ඒ සඳහා විරෝධතාවෙහි නිරත පිරිස සූදානම් නම් එම කණ්ඩායමේ නියෝජිත පිරිසකට සාකච්ඡා සඳහා ආරාධනා කරමි.