ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි පැවැත්වෙයි. රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජය ඉල්ලා අස්වි අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිතුමා වෙත ලිපියක් භාරදුන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් කණ්ඩායම ද මෙම සාකච්ඡාවට සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ.