පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට යළි පත් වී තිබේ.

කොළඹ ජනාධිපති මන්දිරයේ දී එම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ  අද (23) ධූරයේ දිවුරුම්  දුන්නේය. ප්‍රවාහන සහ මහාමාර්ග යන විෂයන් ද ජනමාධ්‍ය විෂයට අමතරව අමාත්‍යවරයා වෙත පවරා ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා , මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ හිටපු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.