ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ නව ජනමාධ්ය අමාත්යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන් කෙටි වේලාවකට පසු පොල්හේන්ගොඩ ජනමාධ්ය අමාත්යාංශයට පැමිණ නිල වශයෙන් ධූරයේ වැඩ ආරම්භ කළේය.
මීට ප්රථමද ජනමාධ්ය අමාත්ය ධූරය හෙබ වූ ආචාර්ය ගුණවර්ධන මහතා ජනමාධ්ය අමාත්යධූරයට අමතරව ප්රවාහන හා මහා මාර්ග අමාත්යවරයා ලෙස ද ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ සිටී.
ජනමාධ්ය අමාත්යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා සහ රුවන් සත්කුමාර මහතා, ඊ.එම්.එස්.බී. ජයසුන්දර මහතා යන අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් නව අමාත්යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වූහ.