21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරිමටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩිවනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ ක්රමවේදයත් කාල වකවානුවත් පක්ෂ නායකයන් විසින් තිරණය කරනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා ඊයේ සදහන් කලේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල විය එහි ක්‍රියාදාමය අඩපණ විය. ආර්ථික අර්බුදය වලක්වා ගැනිමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරිම සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය. එබැවින් රටට විනිවිධ භාවයක් අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කරයි. නිවැරදි ප්‍රතිපත්ති අනුව කටයුතු කල යුතුය. දැන් පවතින පාර්ලිමේන්තුව වෙස්ට්මිනිස්ටර් ක්‍රමයත් එදා පැවැති රාජ්යමන්ත්රණ සභා ක්‍රමයත් එක්කොට විශේෂ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
නව මුල්‍ය නීති මාලාවක අවශ්‍යතාව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මුල්‍ය ණය ආයතන ශක්තිමත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් බැංකු හා මුල්‍ය සේවා පිලිබද කාරක සභාවක් ඇති කල යුතුය. පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලය ඉහල නැංවිම සදහා කාරක සභා 15 ක් ස්ථාපිත කිරිමට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා කියයි.
කතානායක, අගමැති හා විපක්ෂ නායක ප්රමුඛ පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවිමට ක්‍රියා කෙරේ. එමගින් රටේ ප්‍රතිපත්ති පිලිබදව සාකච්ඡා කල හැකිය. එය දේශපාලන මණ්ඩලයකි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ජාතික සභාව සහ කාරක සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුවෙයි. මෙවැනි යෝජනා ගණනාවක් සංවිධාන රැසකින් ඉදිරිපත් වී ඇත. ඒවා ද සැලකිල්ලට ගනිමින් එකගතාවන් හරහා පාර්ලිමේන්තුවේ බලතල සම්බන්ධයෙන් කටයුතු කල හැකි බව වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.